මා පළමු වන ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙල දක්වා අකුරු කලේ මාතලේ දිසිත්රීක්කයේ ලග්ගල මැතිවරණ කොටිටාශයේ අති දුෂ්කර පාසලක් වන මහලකොටුව ශ්‍රී සුමන මහා විද්‍යාලයේය කුඩා කල සිටම මාගේ බලාපොරොත්තුව වූයේ හොදින් අධ්‍යාපනය ලබා මා ඉපදුණු රටට සේවයක් කිරීමයි ඉතින් ඒ සිහිනය මල්ඵල ගන්වමින් 2004 වර්ෂයේ අපේ පාසලට පරිගණක විද්‍යාගාරයක් ලැබුනි වසර හතරක පමණ කාලයක් මම මෙම විද්‍යාගාරයෙන් අති මහත් දැනුමි සමිභාරයක් ලබා ගත්තේමි එය අදටද එසේමය
2008 වර්ෂයේ මම පළමු වතාවට අ පො ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුනෙමි එහිදී මම කිසිදු අමතර පන්තියකටද නොගොස් මාගේ විදුහලේ උගන්වන ගුරු මෑණිවරුන්ගේ හා පියවරුන්ගේ නොමද මගපෙන්වීම හා කැපවීම යටතේ හිදිමින් හා අප විදුහලේ පරිගණක විද්‍යාගාරයේ අන්තර්ජාලයෙන් දැනුම ලබා ගනිමින් ලද ශක්තියෙන් මම එයට මුහුන දී පහත ජයග්‍රහණ ලබා ගත්තෙමි
ගණිතය - A, සිංහල – A, බුද්ධ ධර්මය - A, කෘෂිකර්මය – A, ඉතිහාසය – A, භූ ගෝලය – B
විද්‍යාව - B, චිත්‍ර – C, ඉංග්‍රීසි – S
නමුත් මාගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ගණිත අංශයෙන් උ/පෙළ හැදෑරීමයි.එය සඵල කර ගැනීමට පහසුකමි අප පාසලේ නොමැත එම නිසා මම ඒ සදහා පාතලේ විද්‍යා විද්‍යාලය තෝරා ගත්තේමි නමුත් එම කාර්යය ඉටු කර ගැනීමට මාගේ මෑණියන්ටද හරි දැනුමක් හා ශක්තියක් නොමැත
මාගේ නැගනියද අ ස පො සාමාන්‍ය පෙළ විභාගය සමත් අතර ඇය අ පො ස උසස් පෙළ සදහා කළා විෂය ධාරාව තෝරාගෙන ඇත.
මාගේ පවුලේ පසුබිම ගැන සදහන් කරන්නේනමි දැනට පවුලේ අමිමාත්, අයියාත්,නංගීත්, මමත් පමණක් සිටිමිග මාගේ පියා මීට වසර 5 කට ඉහතදී එනමි 2003.11.16 වන දින රිය අනතුරකින් මිය ගියේය. එතැන් පටන් මාගේ මව මාත් නංගීත් මෙම තත්වයට ගෙන ඒම සදහා නොයෙකුත් ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණු දුන්නෙමි. මාගේ අයියාද අගපොගස උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇති අතර ඔහුටද තවම රක්ෂාවක් නොමැත. එම නිසා අපේ ආර්ථීක තත්වය ඉතාමත් පහළ මටිටමක පවතී.
මගේ අනාගත බලාපොරොත්තුව පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයකු වී මා අකුරු කල පාසලට, මා හැදී වැඩුණු ගමට, පළාතට, රටට ඉමහත් සේවාවක් කිරීම හා මගේ ගමෙි සහෝදර සහෝදරියන්ටත් හොදින් ඉගෙන ගැනීමට උපකාර කිරීමයි. එය මාගේ සිහිනයයි.මේ සිහිනය යථාර්ථයක් බවට පත්කරගැනීමට මෙතෙක් කල් මා නිහඬ අරගලයක නියැලුනෙමි.ඒ වෙනුවෙන් ඔබගෙන් මෙසේ උපකාරයක් ඉල්ලීමට මා කිසිදා බලාපොරොතු නොවූවෙමි.තව දුරටත් මෙය මට දරා සිටීමට නොහැකි නිසාත් මාහට වෙන විකල්පයක් නොමැති නිසාත් අද ඔබ ඉදිරියේ මෙසේ මා අසරණ කර ඇත.
මාගේ සිහිනය යථාර්ථයක් බවට පත්කරගැනීමට මෙය කියවන ඔබට සිතුවිල්ලක් ඇත්නම් එය ඔබතුමන් විසින් කරගනුලබන මහඟු පින්කමක් වන්නේය.මා වෙනුවෙන් ඔබ කරන මේ ආයොජනයට පෙරලා රටවෙනුවෙන් මාගේ යුතුකම නොපිරිහෙලා ඉටුකිරීමටද පොරොන්දු වෙමි.
D. G Prasanna Pradeep Bandara – Sriprasanna77@gmail.com
Teacher – Kalana Dampiya Wijethilaka – Dampiyata@gmail.com










